වන හානි, වන ජීවීන් හට සිදු කරන විවිධ නීති විරෝධී ක්‍රියා, කඩොලාන තෙත් බිම් ගොඩ කිරීම්,සහ වන සංරක්ෂිත ප්‍රදේශ හෙළිපෙහෙළි කිරීම් සහ වනාන්තරවල සිදු කෙරෙන අපරාධ ඇතුළු සිද්ධි රැසකට අදාළව මහජන පැමිණිලි 1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති බවත්,
ඒ අතර වැඩි ම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ: අනුරාධපුර, මොනරාගල, සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් යැයි පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.
අමාත්‍යංශය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
1995 අංකය ඔස්සේ වන ජීවි සහ වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාව පවතින අතර: ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා ම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මෙම මෙහෙයුම් ඒ්කකය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ පරිසර අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
