ග්‍රාම සංවර්ධනය විධිමත්ව වේගවත් කිරීමේ අරමුණින් යුතුව ඇරඹි ගම්පෙරළිය ව්‍යාපෘතිය සඳහා 2019 වසර වෙනුවෙන් රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරය.
ඒ අනුව එක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරිමට නියමිතය.
ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රාමිය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවිකරණය කිරීම, පාසල් සදහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදිකිරීම, විදුලි බලය ලබාදීම, ආගමික ස්ථාන සහ මංමාවත් ප්‍රතිසංස්කරණය ඇතුළු ග්‍රාම සංවර්ධනයට අත්‍යවශ්‍ය කටයුතු රැසක් සිදුකෙරේ.
කෙසේ වුවත් මීට පෙර මෙම ව්‍යාපෘතිය යටතේ එක් මැතිවරණ කොට්ටාශයක් වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් මිලියන 200ක් පමණි. එය ඔක්තෝබර් 26 වනදා පත්වූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ මුදල් ඇමති වූ මහින්ද රාජපක්ෂ විසින් අත්හිටවූ නමුත් මෙවර තවත් මිලියන 100ක් එක් මැතිවරණ කොට්ටාශයක් වෙනුවෙන් ලබාදී නැවත ක්‍රියාත්මක කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
