Image

අගමැති වෙන්න ගිය මහින්දට : විපක්ෂනායක කාර්යාලයත් නෑ - නිල නිවසත් නෑ !

අගමැති වෙන්න ගිය මහින්දට : විපක්ෂනායක කාර්යාලයත් නෑ - නිල නිවසත් නෑ !

සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත.

ඒ අනුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අදාළ කාර්යාලය හා නිල නිවස අහිමිවීමේ තත්ත්වයක් උදාවී තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය ගෙන ඇති මේ තීරණය විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් සහ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරුන් අතර අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් වලංගු බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබේ.

එම තත්ත්වය යටතේ රටේ විපක්ෂනායක හිමි කිසිදු වරප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිමි නොවිය යුතු බවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබේ.

රනිල්ගේ කැබිනට් පත්‍රයත් ඉවතට !

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අතිරේක ලේකම්වරයෙකු පත්කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්කල කැබිනට් සංදේශයක්ද පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රතික්ෂේපව ඇති බව වාර්තා වෙයි.

ඒ විපක්ෂ නායක ධුරය සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් තීරණය ලැබෙන තුරු එකී පත්වීම අනවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ බහුතරයකගේ ස්ථාවරය වී ඇති නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න