Image

පුද්ගලයන් 11ක් පැහැරගැනීමේ නඩුව : රියර් අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රශ්න කරයි !

පුද්ගලයන් 11ක් පැහැරගැනීමේ නඩුව : රියර් අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රශ්න කරයි !

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදහන් කිරීමට අදාළ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට බාධා කළැයි නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සේරසිංහගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු දැක්වීම සිදු කළේය.

කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුව අද අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදු කළේය.

එම සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුවකු වු ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත වෙලගෙදර යන අයට බලපෑම් කළැයි සාක්කිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දීමකට අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරන බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න