Image

නාමල් කුමාර වමාරන්න පෙර : සිරිසේනගේ හමුවක් ඉල්ලයි !

නාමල් කුමාර වමාරන්න පෙර : සිරිසේනගේ හමුවක් ඉල්ලයි !

තමන් කූඨ ලේඛන සකසා ඇත්තෙකු බවත් ඒ 2009 වසරේදී පමණ බවත් ජනාධිපති කුමන්ත්‍රණ නාඩගමේ ප්‍රධාන නලුවා වූ නාමල් කුමාර පවසා ඇත.

ඊයේ (01) පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ ඔහු මේ බව සදහන් කල අතර එම වරදට ඉල්ලාගෙන හෝ දඩුවම් විදින බවද පවසා ඇත.

එසේම තමන් සතුව සිරිසේන ජනාධිපතිට දීම සදහා විශේෂ ලිපියක් තිබෙන බවත් තම අතින්ම එය ඔහුට දීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත .

කෙසේ වුවත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියමින් නාමල් කුමාර කරලියට පැමිනියත් මේ වන විට ඒ සියලූ ප්‍රකාශ සාවද්‍ය බව අනාවරණය වී ඇත . කුමන්ත්‍රණයට අදාල තොරතුරු ඇති හඩපට මකාදමා ඇතැයි කීවත් හොංකොන්හීදී සිදුකළ ව්මර්ශන වලදී හෝ එවැනි කිසිවක් හමුව නැත.

කෙසේ වුවත් ඔක්තෝබර් 26 දියත් වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට ද නාමල් කුමාර දායක වූ අතර ඒ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය සරත් ෆොන්සේකා ද ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට හවුල් බව පවසමින්‍ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න