Image

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (National High Performance Center)' සඳහා නව වේග පන්දු පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරුවෙකු පත්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය ඉකුත් (2) පස්වරුවේ සඳහන් කළේ, වේග පන්දු පුහුණුකරු ලෙස රයන් වැන් නීකර්ක් පත්කළ බවය.

ඔහු 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇත.

ඒ අනුව රයන් වැන් නීකර්ක්ට ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම ජාතික කණ්ඩායම්වල වේගපන්දු යැවීමේ වගකීම ලබාදී තිබේ.

ඔහු අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක කාලයක් සඳහා මෙලෙස පත්කර ඇත.

එමෙන්ම පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කළ ජෝඩන් ග්‍රෙගරි, නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස සේවය කර තිබේ.

ඔහුද දෙවසරක කාලයක් සඳහා පත්කර ඇත.

එම කාලය තුළ ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සියලුම ජාතික කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීම පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න