Image

දුමින්ද : සිරිසේනගේ කන අතගායි !

දුමින්ද : සිරිසේනගේ කන අතගායි !

ජනතාව මැතිවරණ සමයේ ඇති කරගන්නා දේශපාලන වෛරය හේතුවෙන් සදාකාලික වෛරක්කරුවන් බවට පත් වී ඥාතිකම්, හිතවත් කම් නැති කර ගත්තද, අවසානයේ දේශපාලන නායකකාරකාදීන් ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම වෙනුවෙන් ගජ මිතුරන් බවට පත් වන බවත්, අවසානයේ ගමේ පාක්ෂිකයින් වෛරක්කාරයෝ ලෙස වෙන් වී , අමනාප වී ඥාතිකම-හිතවත්කම පවා අහිමි කර ගන්නවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, වන්නම්කුළම ගම්මානයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වියදමකින් ඉදි කළ ප්‍රථිආශිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

එම ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා,

දේශපාලන අධිකාරිය ලෙස අපි ප්‍රාදේශිය සභාවක, පළාත් සභාවක බලය ගත්තත්, ආණ්ඩුවක් හැදුවත්, ජනාධිපතිවරයෙක් පත් කර ගත්තත්, අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ, ජනතාවගේ ජන්දයෙන් බලයට පත් වෙලා ඒ ජන්දයට ප්‍රතිඋපකාරය ජනතාව වෙනුවෙන් ලබා දීම තමයි අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ.

එදා බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ආරම්භ කරපු උතුරු මැද පළාතේ සංවර්ධනය, එතුමාගේ ගෝලයන් ලෙස, දරුවන් ලෙස අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට කර ගෙන යන්න. ඒ නිසා පළාතේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යය සියලු සහය ඉදිරියටත් ලබා දෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න