Image

ITN කඩාකප්පල්කාරීන් ගැන පොලිස් විමර්ශනයක් !

ITN කඩාකප්පල්කාරීන් ගැන පොලිස් විමර්ශනයක් !

ස්වාධීන රූපවාහිනී ආයතනයේ (ITN) කටයුතු කඩාකප්පල් කරමින් කි‍්‍රයා කරන 50 දෙනෙකුගෙන් පමණ යුත් සේවක පිරිසක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් එහි සභාපතිනි ජේ. එම්. තිලකා ජයසුන්දර ඊයේ(01) පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත දන්වා ඇත.

ලිපියක් යොමුකරමින් සභාපතිනිය මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ආයතනයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් රාජකාරි කටයුතුවලට දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවද එහිදී පෙන්වාදී තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිනිය ලෙසින් තමන් දෙසැම්බර් 27 වැනිදා වැඩ භාර ගත්තද, තනතුරෙහි කටයුතු කිරීමට අදාළ සේවක පිරිස බාධා පමුණුවන බවයි. එසේම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ ප‍්‍රවෘත්ති, මූල්‍ය, අලෙවි හා වැඩසටහන් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් හා දේශපාලන හා කාලීන සිදුවීම් පිළිබඳ කළමනාකරු ද ඔවුන් විසින් ආයතනයට පැමිණීමට ඉඩනොදී බාධාකරන බවත් එහි සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් තලංගම පොලිසියට පැමිණිලි කර ඇති බවත් ආයතනයේ මේ වන විට දාමරික, ප‍්‍රචණ්ඩ හා කැළඹිලිසහගත තත්ත්වයක් පවතින බැවින් මෙම තත්ත්වය සම්බන්ධයෙන් නොපමාව විමර්ශනයක් සිදු කොට ITN ආයතනය, එහි සේවක මඩුල්ල සහ දේපල ආරක්ෂා කර දෙන්නැයි සභාපතිනිය පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධව පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න