Image

සිරිසේනගේ සභාපති කමිටුවට : අනුමැතිය කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් !

සිරිසේනගේ සභාපති කමිටුවට : අනුමැතිය කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් !

රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට හේතු වුයේ කිසිඳු සුදුසුකමක් නොමැති පාර්ශව ඊට පත්වීම වළක්වා ගැනීම සඳහා බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා සහ රාජ්‍ය ව්‍යවසාය සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කමිටුවක් පත්කර ඇති නමුත් එය නිසිලෙස ක්‍රියාත්මකව නැත.

කෙසේවුවත් මෙවර එම කමිටුව පත්කර ඇත්තේ පිළිගත් උපාධියක්, වෘත්තීය සුදුසුකම් හා දීර්ඝ වෘත්තීය පලපුරුද්ද අනුව ඉදිරියට එම නිලධාරීන් පත් කිරීම සඳහා වන අතර අදාළ කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සිදුවෙයි.

මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය සිරිසේන ජනාධිපති කැබිනට් පත්‍රිකාවක් හරහා කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ එනම් නොවැම්බර් මස අවසාන සතියේ ලබාගෙන ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම කමිටුවේ සභාපති ලෙස ජනාධිපති ලේකම්වරයා කටයුතු කරන අතර, එහි අනෙකුත් නියෝජිතයන් වනුයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න, අගමැතිවරයා පත්කරන නියෝජිතයන් දෙදෙනෙකු සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරන පුද්ගලයෙකි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක් මෙම කමිටුව පත්කිරීම සම්බන්ධව විරෝධය දක්වා ඇති අතර එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ අදාළ තනතුරු සඳහා සුදුස්සන් පත්කිරීම වෙනුවෙන් නිර්ණායක යෙදීම ගැටළුවක් නොවුණත් ඊට වෙනම කමිටුවක නිර්දේශ අනවශ්‍ය බවය.

එසේම එම කමිටුව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ කටයුතු සීමාකිරීමක් මිස අනෙකක් නොවන බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අද (02) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී මේ සම්බන්ධව සාකච්ඡාකර තීරණයක් ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සූදානමින් සිටින බවය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න