Image

2019 මුදල් අභියෝග ජයගන්න : මුදල් අමාත්‍යංශය සූදානම් !

2019 මුදල් අභියෝග ජයගන්න : මුදල් අමාත්‍යංශය සූදානම් !

ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.

මීට අමතරව මූල්‍ය විනය පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම වසර තුළ දී අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.

නව වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් ඊයේ (01) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උත්සවයක් පැවැත්විණි.

නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් පොල් තෙල් පහන දල්වන ලදී. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද සහභාගී විය.

පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් රාජ්‍ය ආදායම වර්ධන කර ගැනීමට හැකි වීම ජයග්‍රහණයක් වුව ද ඊට සමානව රාජ්‍ය වියදම ද ඉහළ ගිය බව කී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා නව වසර තුළ වියදම් කළමනාකරණය කෙරෙහි සියලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද සඳහන් කළේ ය.

සෙසු අමාත්‍යාංශවලට ද එහි වගකීම තිබුණ ද ප්‍රමුඛ අමාත්‍යාංශයක සේවක සේවිකාවන් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් තිබේ. ගෙවී ගිය වසරේ සේම එළඹි නව වසරේ දි අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවැසීය.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ, අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී සිටියහ.

DSC 5280

DSC 5301

DSC 5350

DSC 5351

DSC 5357

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න