මාවනැල්ල සිදුවීම පිටුපස නාමල් බේරා ගැනීමේ සැලසුමක් !
මාවනැල්ල බුදු පිළිමයට අලාභහානි සිදුකිරීම පිටුපස නාමල් කුමාරගේ හිතවතුන් සිටින බවට ආරක්ෂක බුද්ධි අංශ සැකපහළ කරයි.
වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ මුලුමනින්ම අසත්‍ය පුවතක් සමාජ ගතකර සමාජ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමත් ඒ හරහා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකට මගපෑදීමට කටයුතු සකස් කිරීම සම්බන්ධව නාමල් කුමාර ඇතුලු ඔහුට අනුබල ලබාදුන් පිරිස නීතියේ රැහැනට හසුවීම වැලැක්වීම මේ ක්‍රියාවේ ඉලක්කය වී තිබේ.
ඒ වෙනුවෙන් මේ වන විට ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහය ලබාදුන් පාර්ශව මැදිහත්ව ව්‍යාජ පුවත් මවමින් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ නින්දිත කටයුත්ත සදහා ජනාධිපති මාධ්‍ය අංශයේ සහය ඇති වෙබ් අඩව් යොදවා ගැනීමටද අදාල පිරිස් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.
එහිදී මෙම සිදුවීමට අදාලව චෝදනා නගා ඇත්තේ ගුණදාස අමරසේකර මහතා ඇතුලු ජාතිවාදී කොටස් නියෝජනය කරන ජාතික සංවිධාන "එකමුතුව" වෙත සහ පොලිසිය වෙතය.
අප ආරංචි මාර්ග පවසන්නේ නාමල් කුමාර ඇතුළු පාර්ශවය වෙත සහය ලබාදීම වෙනුවෙන් මේ සිදුකර ඇති බව පැහැදිලිව ඔප්පු වීමට "පොලිසිය" සම්බන්ධ අභූත චෝදනා ඉවහල් වන බවය.
එසේම මේ අසත්‍ය ප්‍රචාර වෙනුවෙන් පසුගිය මහනුවර ජාතිවාදී ප්‍රහාරද සම්බන්ධ කරගෙන ඇති අතර ඒ පිටුපස ද පොලිසිය සිටි බව සදහන් කිරීම හමුවේ පෙරලා නාමල් කුමාර ඇතුළු කුමන්ත්‍රණයට සහය ලබාදුන් පාර්ශව නිර්දෝශ කිරීමේ අසාර්ථක උත්සාහය අනාවරණය වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වන විටත් නාමල් කුමාර පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධව සිදුකළ විවේචන සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා ඇත. එසේම නාමල් කුමාර සිදුකළ අනාවරණ සාවද්‍ය බව ඔප්පුවී හමාර අතර ඉදිරියේදී ඔහුට එරෙහිව ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතී.
කෙසේවෙතත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග අවධාරණය කරන්නේ මෙම සිදුවීම සම්බන්ධව විමර්ශනය කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවය.