Image

ගෞරවාන්විත සමුගැනීමකට සූදානම් වෙමු - සිරිසේන පවුලේ ඉල්ලීමක් !

ගෞරවාන්විත සමුගැනීමකට සූදානම් වෙමු - සිරිසේන පවුලේ ඉල්ලීමක් !

නැවත ජනාධිපති අපේක්ෂකත්වය ලබානොගෙන ගෞරවාන්විත දේශපාලන සමුගැනීමක් සදහා සූදානම් වන ලෙස සිරිසේන ජනාධිපතිගේ හිතවතුන් රැසක් දන්වා ඇති බව වාර්තා වෙයි.

එසේම මේ වන විට පවුලේ නිවාඩුවක් ගත කිරීමට තායිලන්තයට ගොස් සිටින සිරිසේන පවුලේ සාමාජිකයන්ද සිරිසේන ජනාධිපති වෙතින් මේ ඉල්ලීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය අසාර්ථකවීමත් සමග රටේ ජනතාව අතර ජනාධිපති සිරිසේන සම්බන්ධව ඇති විරෝධය දැඩි බවත් කවර තත්ත්වයක් යටතේ හෝ නැවත එය සකසන්න නොහැකි තරම් අප්‍රසාදයක් ඇති බව තහවුරු වීම හමුවේ ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

එසේම පසුගිය සමයේ ජනාධිපති සිරිසේනගේ දේශපාලන ආරක්ෂාව සහතික කරගෙන ඔහු අසල සිටි කිසිවෙකු මේ වන විට ඔහු අසල නොමැතිවීමත් ඒ හමුවේ රාජපක්ෂ රෙජීමය සමග ගනුදෙනු කිරීමට තරම් ආරක්ෂිත වටපිටාවක් සිරිසේන ජනාධිපතිට නොමැති බවද මේ පාර්ශවයේ අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න