කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසාදමා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේනගේ උපදෙස් මත මෙසේ පක්ෂ මූලස්ථානය වසාදමා ඇති අතර ඒ පක්ෂයේ තව දුරටත් කල්ලි කණ්ඩායම් ඇතිවීම නැවැත්වීමට බවද වාර්තා වෙයි.
සිරිසේන ජනාධිපතිගේ දුර්වල නායකත්වය හමුවේ මේ වන විට ශ්‍රිලනිප අභ්‍යන්තරයේ කල්ලි කිහිපයක් පවතින අතර එය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින්ය. ආරම්භක අවස්ථාවාවේ එය පාලනය කිරීම වෙනුවට සිරිසේන ජනාධිපති සිදුකලේ රාජපක්ෂ කල්ලිය ශක්තිමත් වීමට ඉඩදී ඔවුන් සමග ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හරහා නැවත ජනාධිපති වීමට සැලසුම් කිරීමය.
ඒ අවස්ථාවාදී ප්‍රවණතාවට එරෙහිව අනතුරුව තවත් කල්ලි කිහිපයක් ශ්‍රිලනිප ය තුල බිහිවූ අතර පසුගියදා පැවති ආසන සංවිධායක රැස්වීම පවා එකම ගාලගෝට්ටියක් ව අවසන්ව ඇත්තේ ද එම කල්ලි භේදය නිසා බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එසේම මේ වන විට සිරිසේනගේ පාර්ශවය නියෝජනය කරන්නේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතුරින් දෙතුන් දෙනෙක් පමණක් වන අතර පක්ෂ මහ ලේකම් පවා රාජපක්ෂ හිතවාදී අයෙකු බවට චෝදනා එල්ලව පවතී.
වාර්තා වන්නේ මේ තත්ත්වය පාලනය කරගැනීමට පක්ෂ මූලස්ථානය වසාදමා එහි සේවක සේවිකාවන්ට නිවාඩු ලබාදී ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
