ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අදාල විමර්ශන වල ප්‍රගතිය ප්‍රමාණවත්ද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ අධිකරණය විසින් මිස නාමල් කුමාර විසින් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට තමන් කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි විමර්ශන කටයුතු සිදු නොකරන බවට නාමල් කුමාර නමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල කළ චෝදනා ගැන පිළිතුරු ලබා දෙමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීමට නාමල් කුමාර කෙනෙක් අවශ්‍ය නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදු කරන බවත් එහි යම් අඩුපාඩු ඇතොත් ඒ පිළිබඳව අධිකරණයෙන් උපදෙස් ලබාදෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම, නාමල් කුමාරගේ ජංගම දුරකථනයෙන් මකා දැමුණු හඬපට රැසක් ද සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත් එහි මුල් පිටපත් අධිකරණයට භාරදී ඇති බවත් දැනට එම හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ලේෂණය කරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
