එළඹෙන ජනාධිපතිවරණයක බුලත් කොලයේ සහ පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සිරිසේන ජනාධිපති අපේක්ෂාවෙන් සිටියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ ආරංචිමාර්ග පෙන්වා දෙයි.
ජනාධිපති සිරිසේනට තම පාර්ශවයද එක්කර ගනිමින් පොදු අපේක්ෂකත්වය ලැබීමේ ආශාවක් තිබුණත් ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක මැතිවරණයකදී ආවට ගියාට තීන්දු ගත නොහැකි බවත් පසුගිය වසර තුනකට අධික කාලයක් තිස්සේ පක්ෂය බිම් මට්ටමේ ස්ථාවර කරගැනීම වෙනුවෙන් දරදිය ඇදී සාමාජික අදහස පවා එහිදී වැදගත් වන බවද එම ආරංචිමාර්ග පැවසීය.
එසේම මේ වන විටත් ජනාධිපතිගේ පාර්ශවය සමඟ ගොඩනගාගෙන තිබෙන දේශපාලන සම්බන්ධය කෙරෙහිද බහුතර පාක්ෂිකයන්ගේ කැමැත්තක් නැති බවත් එහෙයින් පක්ෂයේ අනාගතය තීරණය වන එවැනි තීන්දුවක් ගැනීමට කිහිපවරක් සිතන්නට සිදුව ඇති බවද එම පක්ෂ අභ්‍යන්තරයේ ස්ථාවරය වී තිබේ.
ශිරාල් එක්ක සාකච්ඡා නෑ : තීන්දුව ගන්නේ මහින්ද - බැසිල්
මේ අතර 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සිරිසේන ජනාධිපතිට ලබාදීම සම්බන්ධව ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බව බැසිල් රාජපක්ෂද අවධාරණය කර ඇත.
වෙබ් මාධ්‍ය හරහා පළවූ පුවතක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන්කර තිබු අතර සාකච්ඡා කරන්නට නම් ඒ සඳහා ජනාධිපතිට තමන් ඇමතිය හැකි බවත් ඒ හැර අතර මැදියන් අනවශ්‍ය බවත් එහිදී ඔහු සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.
එසේම පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධව තීන්දුව ගන්නේ මහින්ද රාජපක්ෂ බවත් ඒ වෙනුවෙන් වන බලය මීට මාස 6කට පමණ පෙරම ඔහුට ලබාදී ඇති බවත් බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
