Image

අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට

අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට

යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් ගාමිණී වියන්ගොඩ මුදල් සහ වෙනත් අනුග‍්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප‍්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ ඊයේ (24) සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා තිබේ.

එසේම, ‘සති අග අරුණ’ නැමැති පුවත්පතේ පළ කරන ලද විශේෂාංග ලිපියක් තුළින් ද මෙකී අපහාසය සිදුකොට ඇති බැවින් එම පුවත්පතටත්, ඒ ලිපිය ලියූ ලේඛිකාවටත් තවත් එන්තරවාසියක් යවා තිබේ.

යහපාලන ආණ්ඩුව යටතේ විවිධ ව්‍යාපෘති හරහා ද, වෙනත් රහස්‍ය ගිණුම් හරහා ද ගාමිණි වියන්ගොඩ මුදල් සහ වෙනත් ආධාර ලබා ඇති බවට ඉහත කී අයවළුන් විසින් විවිධ අවස්ථාවලදී කරන ලද ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත වන බවත්, ද්වේෂ සහගත වන බවත්, යහපාලන ආණ්ඩුව යටතේ කිසිම ආයතනයකින් මොනම ආකාරයක හෝ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන කිසි ගෙවීමක් හෝ අනුග‍්‍රහයක්, සෘජුව හෝ වක‍්‍රාකාරයෙන් තමා කිසි විටෙකත් ලබාගෙන නැති බවත් අවධාරණය කරන ගාමිණී වියන්ගොඩ, තමාට කරන ලද අපහාසයට ඉහත සඳහන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන වන්දි මුදලක් ඉල්ලා මේ එන්තරවාසි යවා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න