බස්නාහිර පළාත් සභාව විසින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීමේදී දිගින් දිගටම අවිචාරවත් ලෙස ගුරුවරු ස්ථානගත කිරීම හේතුවෙන් පළාත තුළ සමහර පාසල්වල ගුරු අතිරික්තයක් ද, සමහර පාසල්වල ගුරු හිඟයක් ද නිර්මාණය වී ඇති බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය මේ බව සදහන් කරන අතර නව ගුරු පත්වීම් ලබාදීමේදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප අධ්‍යාපන කාර්යාලය මගින් නවක ගුරුවරු පුරප්පාඩු පවතින පාසල්වල ස්ථාන ගත නොකර විවිධ දේශපාලන හිතවත්කම් මත නගර ආශි‍්‍රත ප‍්‍රධාන පාසල්වල ස්ථාන ගත කිරීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවද එහි දැක්වේ.
බස්නාහිර පළාතේ ගුරු සිසු අනුපාතය 1:17 ක් ලෙස පැවතියද පළාත තුළ ගුරු හිඟයක් සහ ගුරු අතිරික්තයක් නිර්මාණය වීමට මෙම තත්වය හේතු වී ඇති බවද එහි සදහන් ය.
ලංකා ගුරු සංගමය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පවතින හඳුනාගත් අධ්‍යාපන කලාප හා අධ්‍යාපන කොට්ඨාස ගණනාවක් පවතින අතර, එම කලාප හා කොට්ඨාසවලට නව පත්වීම්ධාරීන් වැඩි ප‍්‍රමාණයක් ස්ථාන ගත කළ යුතුව තිබියදී දිගින් දිගටම සිදුව ඇත්තේ වැඩි ඉල්ලූමක් ඇති ගම්පහ හා හෝමාගම අධ්‍යාපන කලාපවලට මන්තී‍්‍රවරුන්ගේ දේශපාලන උවමනා මත නව පත්වීම්ධාරීන් ස්ථාන ගත කිරීමයි. මේ හේතුවෙන් දීර්ඝ කාලයක් මීගමුව, මතුගම වැනි අධ්‍යාපන කලාපවල හා උතුරු කොළඹ, මොරටුව, කොලොන්නාව, වත්තල වැනි අධ්‍යාපන කොට්ඨාසවල සේවය කරන ගුරුවරුන්ට තම පදිංචි ප‍්‍රදේශයට ආසන්න පාසල්වලට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
2017 සහ 2018 වසරවලට අදාළව බස්නාහිර පළාත් ගුරුමාරු මණ්ඩලය විසින් ස්ථාන මාරු නිර්දේශ කරන ලද ගුරුවරු බොහොමයකට අනුප‍්‍රාප්තිකයන් නොමැති වීමෙන් මේ දක්වා අදාළ ස්ථාන මාරු ලබා දී නොමැති අතර, නව පත්වීම්ධාරීන්, ස්ථාන මාරු අපේක්ෂිත ගුරුවරුන්ගේ අනුප‍්‍රාප්තිකයන් ලෙස නොයොදා ඔවුන්ට පහසු පාසල් ලබාදීමෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින ගුරුවරුන්ට බරපතල අසාධාරණයක් සිදුව ඇත. එසේම 2019 වසරේ ස්ථාන මාරු නිර්දේශ වූ ගුරුවරු විශාල ප‍්‍රමාණක් ද තම ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටිති.
මෙම තත්වය තුළ බස්නාහිර පළාතේ 2019 ජනවාරි 02 දින නව උපාධි ගුරු පත්වීම් 600 කට වැඩි ප‍්‍රමාණයක් ලබාදීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතී. බස්නාහිර පළාතේ දේශපාලනඥයින් පිනවමින් අතිරික්තයක් වන පරිදි ගුරුවරු ස්ථාන ගත කිරීම වෙනුවට මෙම නව පත්වීම්ධාරීන් අදාළ පුරප්පාඩු අනුව සහ දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින ගුරුවරුන්ට ස්ථාන මාරු ලැබෙන සේ ස්ථාන ගත කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට බල කර සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
