මීළඟ මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ පමණක් තරග වැදිය යුතු බවට තම කණ්ඩායම තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර පොහොට්ටුව ලකුණින් තරග වැදීම සඳහා අවශ්‍ය පසුබිම තමන් නිර්මාණය කරන බවද පැවසීය.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ නායකයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමත් සමඟ එක්ව ඒකමතිකව මෙම තීරණයට එළඹ ඇති බවය.
පොහොට්ටුව යනු සන්ධානගතව ඉදිරිපත්වන පෙරමුණක් බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූයේද එසේ සන්ධානගත වී බවත් පැවසූ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණ සඳහාත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ එක් කරගෙන යන වැඩපිළිවෙලක් පොහොට්ටුවෙන් සකස් කරන බවද සඳහන් කර සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
