Image

නාමල් කුමාර අළුත් රංගනයකට!

නාමල් කුමාර අළුත් රංගනයකට!

ජනාධිපති සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ සත්‍ය යටපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර ඉදිරියේදී සියල්ල හෙළි කරන බව නාමල් කුමාර පැවසූ බව දිවයින පුවත්පත සඳහන් කරයි.

නාමල් කුමාරගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් දිවයින පුවත්පත මේ බව වාර්තා කරන අතර රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා ඝාතනයට කුමන්ත්‍රණයක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳ විමර්ශනය අදක්ෂ හා මන්දගාමී අයුරින් කරගෙන යන්නේ ඒ නිසා බවද ඔහු එහිදී පවසා ඇත.

රජයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ඝාතනය කිරීමට තමන් කළ සැලසුමක් හොන්කොන් හීදී හඬපට පරීක්ෂාවේදී හෙළි වී ඇතැයි කියමින් එක්තරා වෙබ් අඩවියක ඉකුත්දා පුවතක් පළ වී තිබුණු බවද නාමල් කුමාර පවසා ඇති අතර මෙම පුවතෙන් විමර්ශන නිලධාරීන්ගේ යටි අරමුණ හොඳින් පැහැදිලි වන බවද පවසා ඇත.

අදාළ දිවයින පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

රහස් පොලිසිය කරන විමර්ශනයක තොරතුරු වෙබ් අඩවියකට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් වහා විමර්ශනයක් කළ යුතු බවද ඔහු පැවසීය.තමන් කළැයි කියන ඝාතන සැලසුමට අදාළ උසස් ආරක්ෂක අංශ නිලධාරියා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා බවද ඔහු පැවසීය.

හිටපු නියෝජ්‍ය නාලක ද සිල්වා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ලතීෆ් මහතා පන්නා දැමීමට තමන් දරන ප්‍රයත්නය සමග කතා බහ කළ අවස්ථාවක හෙළි වූ බවද ඔහුගේ යටි අරමුණ දැන ගැනීම සඳහා සියල්ල පටිගත කරන අතරේ ලතීෆ් මහතා පිළිබඳ දිගින් දිගටම ඔහු කතා කළ බවද නාමල් කුමාර කීය.

තමන් ඒ හඬපටය මුල්ම අවස්ථාවේ රහස් පොලිසියට භාරදුන් බවද ඒ මහතා පැවසීය. ඒ පිළිබඳ හොංකොං නුවරට ගොස් හෙළි කර ගැනීමට දෙයක්නොමැති බවද ජනාධිපතිවරයා යටතේ පොලිසිය තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අයුරින් කටයුතු කිරීම විශ්මයට කරුණක් බවද හෙතෙම අවධාරණය කළේය.

නාමල් කුමාරගේ බොරු හෙළිවී අවසන් !

කෙසේ වුවත් නාමල් කුමාරගේ ප්‍රකාශ පදනම් කරගෙන මූලික විමර්ශන ඇරඹියේ ජනාධිපති හා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධවය. එහිදී ඔහු පවසා සිටියේ එම ඝාතන කුමන්ත්‍රණයේ හඬපට මැකීගොස් ඇති බවය. වැඩිදුර විමර්ශන සඳහා අදාළ දුරකථන උපාංග හොංකොං යවනු ලැබුවේද එනිසාය. එහෙත් එහිදී නාමල් කුමාර පවසන්නේ අසත්‍ය බව අනාවරණය විය.

එසේම නාමල් කුමාර අදාළ හඬපට හොංකොං යැවීම ගැන අප්‍රසාදයෙන් සිටින බව පැහැදිළිය. හොංකොං යවන්න දෙයක් නැති බව කියන්නේද ඒ නිසාය. මේ තක්කඩියාගේ අදහස අනුව පෙනෙන්නේ ඕනෑම අබබ්බයෙකුට ඕනෑම මනස්ගාතයක් පැවසිය හැකි අතර ඒ සම්බන්ධව ක්‍රියාකර පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවය. ඒ කවර කොහේ ඇති විමර්ශනයක් හෝ යුක්තිය පසිඳලීමක් දැයි සිහිබුද්ධිය විකල්නොවූ ඕනෑම අයෙකුට නැගෙන ප්‍රශ්නයයි.

දැන් ප්‍රශ්නය ඇත්තේ මේ බොරුකාරයා මූලික කරුණ තහවුරු කිරීම වෙනුවට විමර්ශන නිලධාරීන් වෙත තවදුරටත් අභූත චෝදනා එල්ල කරමින් සිටීම සහ ඔහුට ඒ වෙනුවෙන් අදිසි නිදහසක් හිමිව තිබීමය. මේ හමුවේ නීතිය හා සාමය අමාත්‍යංශය ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනාධිපති සිරිසේන තබාගෙන සිටීම ගැනද අවධානය යොමුකළ යුතු කරුණක් වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න