Image

සිරිසේනට අපේක්ෂකත්වය දෙනවාද : පොහොට්ටුව අතීරණයක !

සිරිසේනට අපේක්ෂකත්වය දෙනවාද : පොහොට්ටුව අතීරණයක !

ඉදිරි ජනාධිපතිවරණයක අපේක්ෂකත්වය සිරිසේන ජනාධිපතිට ලබාදීම සම්බන්ධ තවමත් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග පවසයි.

යලිත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය බව සිරිසේන ජනාධිපති පාර්ශවය දන්වා ඇති නමුත් තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින බවත් සාකච්ඡා අවසන් වනතුරු අවසාන තීරණයක් දැන්විය නොහැකි බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව ඉදිරියේදී ගොඩනගන පුළුල් දේශපාලන සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැති බවය.

වෙනත් දේශපාලන පක්‍ෂ මෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමට ඉක්මන් වී සතුරන්ගේ උපක‍්‍රමවලට ගොදුරුවීමට තම කණ්ඩායම සූදානම් නැති බවද ඔහු පවසා ඇත.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න