එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් එහි මධ්‍යම කාරක සභාවේ එකඟතාවන්ට පරිබාහිරව කටයුතු කිරීම සම්බන්ධයෙන් විනය කියාමාර්ග ගත හැකි අතර එසේ කිරීම පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.
ඒ අනුව ඉදිරියේදී විනය කමිටුවකින් අදාළ ක්‍රියා මාර්ග ගනු ඇති බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ. විනය කමිටුව ගනු ලබන ක්‍රියාමාර්ග මත අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම, පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම වැනි තීන්දුවලටද එළඹිය හැකි බව ඔහු පවසයි.
කෙසේවෙතත් පසුගියදා විපක්ෂයේ සිට ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා එක් වූ විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පැවසුවේ ඔවුන් ගනු ලැබූ ක්‍රියාමාර්ගය මේ මොහොතේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට මිස එය එක්සත් ජාතික පෙරමුණට එක්වීමක් නොවන බවයි. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස් වී හෝ පක්ෂය හැර දමා පැමිණ නැති බව පවසා ඇත.
කෙසේවෙතත් මේ වනවිට මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී පිරිසකට ද ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ පසුගිය දේශපාලන අර්බුදය මැද මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම නිසාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
