Image

ලැජ්ජයි සිරිසේන : අධිකරණ පද්ධතියට අතතියන අළුත් ජවුසම මෙන්න !

ලැජ්ජයි සිරිසේන : අධිකරණ පද්ධතියට අතතියන අළුත් ජවුසම මෙන්න !

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට අධිකරණය තමන්ගේ මතයට අනුව මෙහෙයවිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබූ විනිසුරුවරුන් පත්කිරීම පසෙකළා ප්‍රතික්ෂේප කරනු ලැබූ විනිසුරුවන් නැවත නම් කිරීමේ නින්දාසහගත කටයුත්තක නිරත වෙමින්ය.

ඒ පිළිබඳ වාර්තා වී ඇති තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් අනුමත කර එවන ලෙස දන්වා ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේ සිය නිර්දේශ එවා ඇත. ජනාධිපතිවරයාගේ එම නිර්දේශවලින් නම් තුනක් අනුමත කරමින් පසුගිය ඔක්තෝබර් 25 වනදා ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ පත්කිරීම් සඳහා යොමු කර තිබිණි.

එ් අනුව ගාමිණී අමරසේකර සහ තුරෙයිරාජා යන විනිසුරුතුමන්ලා ශ්‍රේෂ්ඨාධිකරණයටත් ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා අභියාචනාධිකරණයටත් අනුමත කර යවා තිබිණි.

එහෙත් එම පත්විම් සිදු නොකර ජනාධිපතිවරයා විසින් මේ වනවිට යළි අදාළ පත්කිරීම් සඳහා වෙනත් නම් කිහිපයක් නිර්දේශ කර ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බව වාර්තා වේ.

එම නම් අතර ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේ ව්‍යවස්ථා සභාවට යොමු කළ තම නිර්දේශ නාමයන් අතර සිටි ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළ නාමයන්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් බවත් මෙයින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා තමන්ට අවනත කර ගත හැකි විනිසුරුවරුන් ඉහළ අධිකරණ සඳහා පත් කර ගැනීමේ කූඨ උත්සාහයක නියැලී සිටින බවත්ය.

ව්‍යවස්ථා සභාව විසින් පෙර අනුමත කළ නාමයන් තිබියදී මෙලෙස යළි අභියාචනාධිකරණයට පත් කරන ලෙස යොමු කර ඇත්තේ කුසලා සරෝජනී වීරවර්ධන විනිසුරුවරියගේ නම සහ හෙයියන්තුඩුව විනිසුරුවරයාගේ නම ය.

නීති විශාරදයින් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම තුළින් පියවරයෙන් පියවර ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් අධිකරණයටද බලපෑම් කිරීමට හැකි ලෙස එම ක්ෂේත්‍රය සකස් කර ගැනීමට සූදානම් වන බවක් පෙන්නුම් කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න