ත්රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලිස්පති පූජිත ජයසුන්දරගේ උපදෙස් මත ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බවද දැනගන්නට ඇත.
මාකදුරේ මදුෂ් නමැති පාතාල නායකයා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට හෝ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක් සිදුකළ හැකි බවට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළේ යැයි කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අනාවරණය කල අතර ඒ මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
