රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ වෙත මාසික වැටුප් හා දීමනා ගෙවීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ආණ්ඩුව විසින් ඊයේ (23දා) ඉල්ලා අස්කර ගෙන ඇති බව වාර්තා වෙයි.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව ඉල්ලා අස්කරගෙන ඇති අතර, එලෙස ඉල්ලා අස්කර ගැනීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණ විසින් විමසා සිටියද, ආණ්ඩුව පාර්ශ්වයෙන් එයට පිළිතුරක් ලබාදී නොමැති බවද දැනගන්නට ඇත.
විගණකාධිපති ගාමිණී විජේසිංහගේ වැටුප ඒස්ඒල් -04 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා අනෙකුත් දීමනා ලබා දීමට යෝජනාව ඉදිරිපත් කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
