ජනතාවගේ ආදායමට ගැළපෙන හා සෞඛ්‍යයට හිතකර මත්පැන් වර්ග තිබිය යුතු බව එක්සත් ජනාතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
මෙවැනි මත්පැන් තිබෙන්නේ නම් ජනතාව කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම අඩුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු පනත් කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (23) පැවැති විවාදයට එක්වෙමිනි.
මත්පැන් හා සුරාව යනු සමහරුන්ගේ සුවයක් බැවින් එයට විරුද්ධවීමට හෝ නීති පැනවීමට නොහැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
