Image

බිලියනයකට අධික වැට් බදු නොගෙවීම: මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන්ගේ ස්ථාවරය කඩිනමින් දැනුම් දෙන්නැයි නියෝග

බිලියනයකට අධික වැට් බදු නොගෙවීම: මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන්ගේ ස්ථාවරය කඩිනමින් දැනුම් දෙන්නැයි නියෝග

මත්පැන් නිෂ්පාදනය කර බෙදා හරින ලද ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට අහිමි කළේ යැයි කියන රුපියල් (1,035 473 088) ක වැට් බදු මුදල් රජයට නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (26) නියෝග කළේය.

විත්තිකාර මත්පැන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන ජෝසප් ඇලෝසියස් හා රන්දෙව් දිනේෂ් ජෝෂප් විත්තිකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ලට ප්‍රතිකරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, නඩුව සම්බන්ධයෙන් හේතු දැක්වීමක් සිදුකිරීමට විත්තිකාර පාර්ශ්වයට තවත් කාලය අවශ්‍ය බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරිණි. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් රිට් නඩුවක් ගොනුකර ඇති බවයි.

කෙසේ වෙතත්, එහිදී පැමිණිල්ල මෙහෙයවූ නීතිඥ දිනේෂ් පෙරේරා සඳහන් කළේ, නඩුව සම්බන්ධයෙන් තවමත් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි. 2019–2020 වර්ෂවලට අදාළව විත්තිකාර සමාගම නොගෙවා පැහැර හැර ඇති වැට් බදු අය කරගැනීම සඳහා මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කරුණු දැක්වීය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර සමාගමේ බදු ගෙවීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ස්ථාවරය කඩිනමින් අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කළේය.

එසේම පැමිණිල්ල ලබන පෙබරවාරි මස 25 වෙනි දින කැඳවීමටද දින නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න