ICC වාර්තා අලුත් වෙයි; ඉන්දු - පාකිස්ථාන ගැටුම ඩිජිටල් අවකාශය හොල්ලයි!

ICC වාර්තා අලුත් වෙයි; ඉන්දු - පාකිස්ථාන ගැටුම ඩිජිටල් අවකාශය හොල්ලයි!

ක්‍රිකට් ලෝකයේ සදාකාලික ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගියදා පැවැති විස්සයි20 තරගය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) ඉතිහාසයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ තරගය ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

මිලියන 163ක දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්

මෙවර ලෝක කුසලානයේ නිල ඩිජිටල් සහ විකාශන හවුල්කරු වන JioStar ආයතනය නිවේදනය කරන පරිදි, ඉකුත් 15වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තීරණාත්මක තරගය නැරඹූ සංඛ්‍යාව මිලියන 163කි.

මෙය මීට පෙර පැවැති වාර්තා අභිබවා යෑමකි.

2024 අවසන් මහා තරගයේ වාර්තාවත් බිඳ වැටෙයි
විශේෂත්වය වන්නේ, 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති උද්යෝගිමත් අවසන් මහා තරගය නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව පවා මෙම තරගය විසින් අභිභවා යනු ලැබීමයි.

පසුගිය වසරේ පැවැති ඉන්දු-පාකිස්ථාන තරගයට සාපේක්ෂව මෙවර ප්‍රේක්ෂක සහභාගීත්වයේ 56%ක දැවැන්ත වර්ධනයක් වාර්තා වී තිබේ.

වාර්තාවට හේතු වූ 'දේශපාලන උණුසුම'
දෙරට අතර පවතින දේශපාලන අර්බුදය හමුවේ ක්‍රිකට් පිටිය සැමවිට ම උණුසුම් වුව ද, මෙවර එම තත්ත්වය වෙනස්ම මාවතකට යොමු විය.

ආරම්භයේ දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය මෙම තරගය වෙත දැඩි ලෙස යොමු විය.

එම කුතුහලය සහ උද්යෝගය අවසානයේ මෙම ඩිජිටල් වාර්තාව පිහිටුවීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

"මෙය හුදෙක් ක්‍රිකට් තරගයක් පමණක් නොව, ඩිජිටල් යුගයේ ක්‍රීඩා විකාශන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයකි," යැයි ක්‍රීඩා විචාරකයෝ පවසති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න