ලබන වසරේදී ගුරුවරුන් 30,000ක් පාසල් පද්ධතියට එක් කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
අද(18) බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව පැවැසූ අතර, ඒ අනුව ඉතිහාසයේ වැඩිම ගුරුවරු ප්රමාණයක් බඳවා ගැනීම මේ වසරේ ආරම්භ කර ඇති බව සඳහන් කළාය.
එළඹෙන නොවැම්බර් 20 වැනිදා සිට ගුරුපත්වීම් 17,000ක් ලබාදීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවත්, නොවැම්ර් මස 20 වැනිදා ආරම්භ කෙරෙන එම සම්මුඛ පරීක්ෂණ හරහා ගුරුවරුන්, උපාධිධාරී ගුරුවරුන් 23,000ක් පද්ධතියට ගෙන එන බවද ඇය සඳහන් කළාය.
එම ප්රමාණයද ප්රමාණවත් නොවන්නේ නම් විද්යාපීඨවලින් පිටවන තවත් 6000කට ආසන්න පිරිසක් ලබන වසරේ පෙබරවාරි වන විට පාසල් පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවද, අධ්යාපනවේදී උපාධිය ඇති තවත් පිරිසක් බදවා ගැනීමට රජය සැලසුම් කර ඇතැයිද අග්රාමාත්යවරිය පැවසුවාය.
එමෙන්ම 2025 සිට විශ්වවිද්යාලවල පුරප්පාඩු පිරවීම ආරම්භ කර තිබෙන අතර විශ්වවිද්යාල පද්ධතියට අචාර්යවරුන් 2000 පමණ බඳවා ගනීමට රජය අනුමැතිය දී ඇති බවද ප්රකාශ කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
