Image

'සමාවදීම' කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වචනයක්: ජේ. ආර්. කළ දේ මතක් කරමින් වජිරගෙන් ප්‍රකාශයක්

'සමාවදීම' කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වචනයක්: ජේ. ආර්. කළ දේ මතක් කරමින් වජිරගෙන් ප්‍රකාශයක්

"සමාවදීම" යනු මුළු ලෝකයම භාවිතා කරන මහා ශ්‍රේෂ්ඨ වචනයක් බවත්, එම කාරණාව තේරුම් ගැනීමට නොහැකි නම් රටක් පාලනය කරන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රශ්න කරයි.

ඊයේ (17) ගාල්ල, උළුවිටිකේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති කාන්තාවන් බලමුළු ගැන්වීමේ ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින්, දැනට සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා මේ අදහස් පළ කළේය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායකයන් අතීතයේ කටයුතු කළ ආකාරය මතක් කර දුන් සභාපතිවරයා, 1977 ජූලි මාසයේ පැවැති මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ප්‍රථමයෙන්ම සිදු කළේ 71 කැරැල්ලට සම්බන්ධ වූ රෝහණ විජේවීර ඇතුළු විශාල පිරිසකට නිදහස ලබා දීම බව පෙන්වා දුන්නේය.

"ජේ. ආර්. මැතිවරණය දිනනකොට විජේවීර සහෝදරයා යාපනයේ සිරගෙදරකයි සිටියේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජයග්‍රහණය කරලා අපරාධ නීති විනිශ්චය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ තූලින්ම අත උස්සලා අහෝසි කරලා විජේවීර ඇතුළු සියලුම දෙනාට නිදහස දුන්නා. මේ සමාව දුන්නේ මොනව කරපු අයටද? බැංකු කඩපු අයට, මිනී මරපු අයට, පොලීසි කඩපු අයට, අධිකරණයේ නඩුව අහපු අයට - ඒ කියන්නේ ඒ දවස්වල විනිසුරුවරු මරලා නඩු ඇහුවා. මේ ආකාරයට තුන්දහස් ගණනකට සමාව දුන්නා." යැයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන කියා සිටියේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු නොවන බවයි. උන්වහන්සේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් ජනතාව සහ ආණ්ඩුව හමුවට ගෙන ආ කෙනෙකු මිස කිසිදු ආගමකට විරුද්ධව කටයුතු කළ අයෙකු නොවන බව ද ඔහු පැවසීය.

ඥානසාර හිමියන්ට දඬුවම් නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ වරදට බවත්, මෙම සිදුවීම මේ තරම් දුරදිග ගියේ පළිගැනීම නිසා වන බව වජිර අබේවර්ධන වැඩිදුරටත් පවසුවේය.

"ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කරලා තිබෙන වරද? උන්වහන්සේට මේ දඬුවම නියම කර තිබෙන්නේ උසාවියට අපහාස කිරීමේ වරදට. මේක කොහොමද එහෙනම් මේ තරම් දුර දිග ගියේ? ඒ තමයි පළිගැනීම. ඒක බොහොම නරකයි. මම දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව." 

සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න