කළුඅග්ගල කන්දේ නායයෑම් අවදානමක්

කළුඅග්ගල කන්දේ නායයෑම් අවදානමක්

ගම්පහ, දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ පැවසුවේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 03ක අධි අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.

මේ වන විට අදාළ ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරමින් සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඔවුන් විසින් ලබා දෙන නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා අතර ඉවත් කෙරුණු ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානවල රදවාසිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න