වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු එලෙස දිවුරුම් දුන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විදේශගත වීම හේතුවෙනි.
ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නැවත මෙරටට පැමිණෙන තුරු එම ධුරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා වැඩබලනු ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


