Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 10කට පසු ලෝක පාප­න්දුවේ 191 වැනි තැනට එයි

ආසියානු කුසලාන පාපන්දු: ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ටර්ක්මෙනිස්තානය පරදවයි



ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 10කට පසු ලෝක පාපන්දු ශ්‍රේණි­ගත කිරීමේ 191 වැනි ස්ථාන­යට පත් වෙයි.

කොළඹ තුරඟ තරග පිටි­යේදී නිමාව දුටු ආසි­යානු කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ තර­ග­යේදී තුර්කි­මෙ­නි­ස්තා­නය ගෝල් 1-0කින් පරා­ජය කිරී­මත් සමඟ ශ්‍රී ලංකා පිල මෙලෙස ලෝක පාපන්දු කණ්ඩා­යම් අතර වේග­වත් ප්‍රග­ති­යක් ලබා ගත්තේය.

ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණි­ගත කිරීම් අනුව 138 වැනි ස්ථානයේ සිටි තුර්කි­මෙ­නි­ස්තා­නය, 197 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල වෙතින් ලද පරා­ජය හේතු­වෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලට පිය­වර 6ක් ඉදි­රි­යට පැමි­ණීමේ අව­ස්ථාව උදා වුණි.

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමර් ලෝක පාපන්දු සම්මේ­ලන ප්‍රධානී ගියානී ඉන්ෆැ­ටිනෝ සමඟ අව­සන් වරට වසර 2015 මාර්තු මාස‍යේදී ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණි­ගත කිරීමේ 191 වැනි ස්ථානයේ සිටි අතර, වසර 2023 ජූනි මාසය වෙද්දී ලොව පාපන්දු ක්‍රීඩා කරන රට­වල් 210කින් 207 වැනි ස්ථානය දක්වා පහ­ළට ඇද වැටිණි. ඒ වෙද්දී දකුණු ආසි­යාවේ සියලු රට­වල් ශ්‍රී ලංකා­වට වඩා පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ප්‍රග­ති­යක් ලබා තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා පාපන්දු පිලේ වර්ත­මාන තත්ත්වය අනුව දකුණු ආසි­යාවේ පාකි­ස්තා­නය පසු­කොට ඉදි­රි­යට පැමි­ණී­මට සමත්ව ඇති අතර, භූතා­න­යට වඩා පිය­වර 5කින් පසු­ප­සින් සිටී. බංග්ලා­දේ­ශය පසු කිරී­මට තවත් පිය­වර 7ක අඩු­වක් තිබේ.



ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර් FIFA මූලික පදනම හා ආධුනික පාපන්දුවේ කමිටුවට


bghr5y645

මේ අතර, ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමර් ලෝක පාපන්දු සම්මේ­ල­නය විසින් බිම් මට්ටමේ සහ ආධු­නික පාපන්දු සංව­ර්ධන කමි­ටුවේ සාමා­ජි­ක­ත්වය පිරි­නමා ඇත.

එම තන­තු­රට පත් ආසි­යාවේ එකම පාපන්දු ප්‍රධා­නියා උමර්  වන අතර, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වේග­වත් වර්ධ­න­යක් අත්වි­ඳි­මින් සිටින අව­ස්ථා­වක එය පිරි­නැ­මීම විශේ­ෂ­ත්ව­යකි. ඔහුගේ උපා­ය­මා­ර්ගික සහ නිර්භීත ප්‍රවේ­ශය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ වෘත්තී­ය­භා­ව­යට හා කාර්ය සාධ­න­යට ඉව­හල්ව ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩා­යම සැල­කිය යුතු දියු­ණු­වක් පෙන්නුම් කර ඇති අතර ආසි­යානු කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ ‘ඩී’ කාණ්ඩයේ තුර්කි­මෙ­නි­ස්තා­නය, තායි­ල­න්තය හා චීන තායිපේ යන කණ්ඩා­යම් අතු­රින් පෙර­මු­ණට පැමි­ණී­මට සමත්ව සිටී.

කෙසේ වුවද ශ්‍රී ලංකාව හා තුර්කි­මෙ­නි­ස්තා­නය අතර හෙට ශ්‍රී ලංකා වේලා‍වෙන් පස්වරු 6.15ට තුර්කි­මෙ­නි­ස්තාන ආකා­ඩෑග් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ­ වන තර­ගය කෙරෙහි විශාල අව­ධා­න­යක් යොමුව පවතී. තුර්කි­මෙ­නි­ස්තා­නය මේ කාණ්ඩයේ ශ්‍රී ලංකා­වට හමු­වන අව­සන් අව­ස්ථාව මෙය වන හෙයින් මෙය තීර­ණා­ත්මක තර­ග­යක් බවට පත්ව තිබේ.

ආසි­යානු කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ ‘ඩී’ කාණ්ඩයේ තරග වට­යේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට හෙට තුර්කි­මෙ­නි­ස්තාන තර­ග­යට අම­ත­රව නොවැ­ම්බර් 18 වැනිදා කොළ­ඹදී තායි­ල­න්තය හමු­වන අතර, ලබන වසරේ මාර්තු 31 වැනිදා චීන තායිපේ කණ්ඩා­යම සමඟ තර­ග­යට පිවිසේ. අව­සා­න­යේදී මේ රට­වල් අතු­රින් පළමු ස්ථානයේ පසු­වන කණ්ඩා­යම 2027දී සවුදි අරා­බි­යේදී පැවැ­ත්වෙන ආසි­යානු කුස­ලාන පාපන්දු තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබනු ඇත.