තුම්මුල්ලේ ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට UDA අනුමැතිය දීම සැක කටයුතුයි !

තුම්මුල්ලේ ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට UDA අනුමැතිය දීම සැක කටයුතුයි !

ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ මහජනතාව විසින් දක්වන ලද විරෝධයක් නොතකා හරිමින්, කොළඹ 05, තුම්මුල්ල හි ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට  
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගියදා අනුමැතියක් ලබා දී ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී පහත කරුණු අනාවරණය විය.

1. අනුමැතිය ලබාදී ඇති ඉඩම නාගරික අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති සැලසුම් රෙගුසිවලට අනුව විශේෂ නේවාසික කලාපයට සහ  මධ්‍ය ඝනත්ව  සංවර්ධන කලාපයට අයත්වීම.

2. එම කලාප දෙකට අයත් ඉඩමක් එකතු කර මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් රෙගුලාසිවලට අනුව අනුමැතිය ලබාදීම.

3. ඉඩමේ මුහුණත පළල මීටර් 30 වඩා වැඩ විය යුතු වුවත්  අදාළ ඉඩමේ මුහුණත පළල මීටර් 30 අඩුව තිබියදී එය මීටර් 40 සේ සලකා අනුමැතිය ලබාදීම.

4. තව ද මෙම අනුමැතිය ලබාදීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රෙගුලාසි පැහැදිලි ලෙස උල්ලංඝනය වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ සැලසුම් අනුමැතිය ලබාදී දිනක් ගතවීමෙන් පසු පුද්ගලික සමාගමක් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විෂය භාර ඇමතිවරයා ද සහභාගිවීම ය.

පවතින රෙගුලාසි සහ සැලසුම් ප්‍රකාර අනුව ලබාදිය හැකි උපරිම උස මීටර් 50  වන අවස්ථාවක මීටර් 130ක උසක් ලබාදීම සහ විශේෂ නේවාසික සංවර්ධන කලාපයේ පවතින නීති රෙගුලාසිංගුලංගනය වීම යන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනයක් කිරීම අතිශයින්ම වැදගත් හා හදිසි කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෙකු මෙවැනි පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත්වී අනුමැතිය ලබාදීම පිටුපස වංචා සහ දුෂණ ගනුදෙනු සිදුවී ඇතැයි ලැබී පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න