ළඟදීම මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි !

ළඟදීම මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි !

රුපියල් කෝටි 8කට තම ධුරය විකුණා ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ ඔහු කවුදැයි සමාජයේ කුතුහලයක් මතු වී තිබේ.

පසුගිය වසරේ දී ඒ ආකාරයෙන් ඉල්ලා අස් වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පමණකි.

2024 ජනවාරි 09 වෙනි දින ඉල්ලා අස්වීමේ කතාව පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ ඔහු ජනතාව කරන ශාපයෙන් දරුවන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් එම තීරණය ගත් බව සඳහන් කළේය.

පසුව, නැවත සජිත් පිල සමඟ එක් වූ ඔහු මේ වනවිට එම පිලේ ම මන්ත්‍රී ධුරයක් දරමින් සිටී.

රුපියල් කෝටි 08කට මන්ත්‍රී ධුරය විකුණා දැමීම පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඔහු නැවත ඉල්ලා අස්වේ දැයි ඇතැම් අය ප්‍රශ්න කරති.


Screenshot 2025 10 11 144659

( lankatruth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න