හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගියදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ පොදු දේපල පනත යටතේ ගැනෙන වැරැදි සිදු කිරීමේ චෝදනා මතයි.
සෙවණගල පිහිටි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල, ඉකුත් අරගල සමයේ විනාශ වීමෙන් පසුව, හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින්, එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50,000 ක වන්දි ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශෂීන්ද්‍ර රාජපක්ෂව පසුගිය අගෝස්තු 06 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්ඩංගුවට ගනු ලැබුවේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
