ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) රාත්‍රියේ අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බව වාර්තා වෙයි.
ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
