කාඩ් පත් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ ගෙවීම් කිරීමේ පහසුකම්.....

කාඩ් පත් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ ගෙවීම් කිරීමේ පහසුකම්.....

මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගනුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදුවිය.

මේ හරහා ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් හා මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා ගෙවීම් සිදුකිරීමට මහජනතාවට පහසුකම් හිමිවේ.

ඒ අනුව නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මගින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න