කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගියේ ය.
ඒ , දින 06ක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුවයි.
රෝහලෙන් බැහැරව ගියත්, ලබා දී ඇති වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කරන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා.
රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා ජාතික රෝහලට ඇතුළත් කළේ, , විජලන තත්ත්වයක් හේතුවෙන් ය.
අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
