අමෙරිකානු නාවික හමුදාවට අයත් USS Santa Barbara යුධ නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.
එම නෞකාවේ දිග මීටර් 127.6 කි.
සැපයුම් අවශ්‍යා සම්පුර්ණ කර ගැනීම වෙනුවෙන් එම නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ.
ලබන 22 වැනිදා දක්වා USS Santa Barbara නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා ඇති අතර එහි නැව් මුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බව අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
