Language Switcher

V2025

උතුරේ අක්කර 16,000ක පොල් වගා කිරීමට සැලසුම්

උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට කටයුතු කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්  පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාල ඉඩම් දැනට හඳුනාගෙන ඇති අතර ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා එම පියවර ගත් බවයි.

පොල් වගාව නිසි ලෙස පවත්වාගෙන යන්නේ නම් අනාගතයේදී එම කලාපයේ ආර්ථිකය සමෘද්ධිමත් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.