Language Switcher

V2025

හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ තමන්ට මරණ තර්ජන කළේයැයි පවසමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටපත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි  අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණි.

ඒ රාගම පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනමින් සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහර මහෙස්‍ර්තාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

ඔහුට ආරක්ෂාව ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මේවන විට තොරතුරු හෙළිවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

එසේම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිද පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමන්ටද තර්ජනය කළ බව පවසමින්ය.

අනතුරුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව පැමිණිලිකරුවන්ට දුරකථන ඇමතුම් ලබාදුන් බවට සැකපිට පුද්ගලයෙකු පසුගියදා පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සැකකරු විසින් එම ප්‍රශ්නගත තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදුන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ ඉල්ලීමකට අනුව බව විමර්ශනයේදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

ඒ අනුව රාගම පිහිටි පෞද්ගලික රෝහලක වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමන්ට තර්ජනය කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සහ සාපරාධී බියගැන්වීම යන චෝදනා යටතේය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ආරක්ෂාව ලබාගැනීම වෙනුවෙන් අදාළ කටයුත්ත කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අනතුරුව මහර මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු රැඳී සිටි රෝහලට ගොස් ඔහුව අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.