නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන  දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්‍රීති පද්මන් සූරසේන  මෙරට 49 වන අගවිනිසුරුවරයා වෙයි.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු  විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.

1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් විය.

2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් විය.

එතැන් පටන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන ප්‍රීති පද්මන් සූරසේන  හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දුගෙන් පසුව සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න