රාජ්‍ය සේවක ඉල්ලීම්වලදී පොදු ජනතාව ගැනත් හිතන්න !

රාජ්‍ය සේවක ඉල්ලීම්වලදී පොදු ජනතාව ගැනත් හිතන්න !

මෙරට ලක්ෂ 17ක් පමණ වන රාජ්‍ය සේවකයන් මේ මොහොතේ වැටුප් වැඩිකිරීම ඇතුළු විවිධ ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී එම ඉල්ලීම් කොතරම් සාධාරණද සහ ප්‍රායෝගිකද යන්න කෙරෙහි අවධානය යොමුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් මේ මොහොතේ සිදුකිරීමට නම් ඒ සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට සිදුවන්නේ සියලු ජනතාවට අදාළ වන බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දැමීමෙන් වන නමුත් මේ වන විට බදු ප්‍රතිශතය ද ඉතා ඉහළ සීමාවක ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය. 

බදු එකතු කිරීමෙන් ලබන රාජ්‍ය ආදායම් මුළුමනින්ම එක් කොටසක අවශ්‍යතාවය වෙනුවෙන් වෙන්කළ නොහැකි බවත්,   සෞඛ්‍ය , අධ්‍යාපනය , විශ්‍රාම වැටුප් ඇතුළු සුබ සාධක දීමනා සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් ද වෙන් කිරීමට සිදුවන්නේ මෙම රාජ්‍ය ආදායම බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ මොහොතේ රාජ්‍ය ආදායම් යම් ප්‍රමාණයකින් ඉහළ දමාගෙන තිබුනද එය එක් කොටසක් වෙනුවෙන් වෙන්කිරීමට නොහැකි බව රාජ්‍ය සේවක වෘත්තීය සමිති තේරුම් ගතයුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න