ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තුන් ගුණයකින් ඉහළට !

ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තුන් ගුණයකින් ඉහළට !

ආණ්ඩුව සම්බන්ධයෙන් වන ජනතා අනුමැතිය පසුගිය  පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ "රට හිතෙන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරන ආකාරයට පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 7 ක්වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ජූලි මාසය වනවිට සියයට 24ක්  දක්වා ඉහළ ගොස් ඇත.

 එසේම වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද පසුගිය  පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පෙබරවාරි මාසයේදී වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 9 ක ප්‍රමාණයක් විශ්වාස කළ බවත් එය ජූලි මාසයේදී සියයට 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් පවසයි.

රටේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිසද තුන්ගුණයකින් ඉහළ ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.

 පෙබරවාරි මාසයේදී ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ සියයට 9 ක පිරිස ජූලි මාසය වනවිට සියයට 30 දක්වා වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

48aa8347 baf6 4aa8 a1b5 7409da956363

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න