ඇමති ටිරාන් කළු කබායට බහියි !

ඇමති ටිරාන් කළු කබායට බහියි !

ආණ්ඩුවේ පොහොට්ටු මැති ඇමතිවරු රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන "එක්ව ජයගමු" මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය ඉරිදා හවස මහනුවරදී තිබුනා.

 ඒ රැස්වීමටත් සැහෙන සෙනගක් ඇවිත්  තිබුනා. මහනුවර රැස්වීම සංවිධානය කර තිබුනේ, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ..

ජනාධිපති රනිල්ට පස්සේ, ජනතාවගේ වැඩිම ප්‍රතිචාරයක් ලැබිලා තිබුනේ STF  ස්කොඩ් එකක් එක්ක  ග්‍රවුන්ඩ් බැස්ස පොලිස් ඇමති ටිරාන්ට. ටිරාන් වේදිකාවට එද්දී මහින්දානන්ද , ටිරාන්ගේ වාහනේ ළඟටම ගිහින් කැන්දාගෙන එන හැටි, රැස්වීමේ ලයිව් එකෙන්  දැකගන්න ලැබුනා.

' මේ අපේ අලුත්ම නීතිඥ මහත්තයා '' - වේදිකාවේදී ටිරාන් පෙන්නමින් මහින්දානන්ද කියලා.

'' මොකක්ද ඒ කතාව වටපිටාවේ හිටපු හැමෝම  අහන්න පටන් අරගෙන. ''

'' ටිරාන් අයියා , UK බකින්හැම්ෂෙයාර් නිව් යුනිවර්සිටි (Buckinghamshire New University) එකේ LLB පාස්වෙලා '' - මහින්දානන්ද එහෙම කියද්දී හැමෝම වගේ සුබපතන්න පටන් අරගෙන..

ඒ කියන්නේ දැන් පොලිස් ඇමැතිත් නීති උපාධිය අරගෙන.. දැන් ඔය පොලිසියේ කට්ටියට එච්චර ලේසිවෙන එකක් නෑ. 

  • දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න