Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

රනිල් ජනාධිපතිවරණයට එනවා : රුවන් සහතික වෙයි !

ජනාධිපති   රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම එළැඹෙන  ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ  නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන අද (06) සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමිණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්වුණු අතර එහිදී එජාප නියෝජ්‍ය නායකයා මෙසේද පැවසීය.

"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.

අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් වෙනවා. ඔහු එලෙස  ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම  ජයග්‍රහණය කරනවා.