පොහොට්ටුවේ ජනාධිපති  අපේක්ෂකයාට කඩන්න බැරි කොන්දේසියක් !

පොහොට්ටුවේ ජනාධිපති  අපේක්ෂකයාට කඩන්න බැරි කොන්දේසියක් !

පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟව එම ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බව, එම පක්ෂයේ  සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා  රට බෙදන චින්තනයේ සිටින  අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ  සියල්ලන් ඒකමතික තීරණයකට පැමිණ ඇති බවද වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම අද පවත්වා තිබෙන්නේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි ඔහුගේ නිල නිවසේදී ය.

පොදුජන පෙරමුණ පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් රැසක් මීට එක්ව සිටි බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම හමුවේදී ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබඳව තීරණයක් නොගත් බවය.

නමුත්  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට  රැස්වූ බොහෝ දෙනාගේ අදහස වූ බවද ඔහු සඳහන් කර සිටියේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න