මහරගම අපේක්ෂා රෝහලේ නව සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්‍රයේ ඇති වී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විකිරණ ප්‍රතිකාර සඳහා රෝගීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
රෝහලේ භාවිත කළ පැරණි සීටී සිමියුලේටර් යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 29 වනදා එය ගලවා ඉවත් කර ඇත. මාස හතරකට වැඩි ප්‍රමාදයකින් පසුව ස්ථාපනය කරන ලද නව යන්ත්‍රය පසුගිය සැප්තැම්බර් 07 වනදා රෝහල් කාර්ය මණ්ඩලයට භාර දී තිබේ.
කෙසේ වෙතත්, නව සීටී සිමියුලේටර් යන්ත්‍රයේ මෘදුකාංගය, විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීමේ (Treatment Planning System) මෘදුකාංගය සමග නොගැළපීම නිසා ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දැනට විකිරණ ප්‍රතිකාර සැලසුම් (Planning) කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
විකිරණ ප්‍රතිකාරයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සීටී සිමියුලේෂන් පරික්ෂණය සහ ප්‍රතිකාර සැලසුම් කිරීම අත්‍යවශ්‍ය පියවරයන් වේ. ඊට තාවකාලික විසඳුමක් ලෙස පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රයෙන් එම පරීක්ෂණ සිදු කිරීමට උත්සාහ කළද, අවශ්‍ය අමතර උපාංග සවිකිරීමට නොහැකි වීම සහ එහි ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එය සාර්ථක වී නොමැත. විශේෂයෙන්ම පියයුරු පිළිකා රෝගීන්ගේ පරික්ෂණ මෙමගින් සිදු කිරීමට නොහැකි වී තිබේ.
මේ හේතුවෙන්:
රෝගීන්ගේ ජීවිත අවදානම: පරීක්ෂණ ප්‍රමාද වීමෙන් රෝගීන්ගේ පිළිකා තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව ඇත.
පෞද්ගලික අංශයේ අධික පිරිවැය: පෞද්ගලික රෝහලකින් මෙම ප්‍රතිකාරය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා විශාල මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදු වේ.
දෛනික ප්‍රතිකාර සංඛ්‍යාව පහත වැටීම: අප්‍රේල් මාසය වන විට ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 4 මගින් දෛනිකව රෝගීන් 300කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර කළද, දැනට එම සංඛ්‍යාව 200 දක්වා පහත බැස ඇත.
රජයට විශාල පාඩුවක්: රුපියල් කෝටි 60-80 අතර වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර නඩත්තු වගකීම් කාලය තුළ උපරිම ඵලදායිතාවයෙන් භාවිත නොකිරීම නිසා රජයට සිදුවන පාඩුවද ති විශාල වේ.
පවතින දීර්ඝ පොරොත්තු ලේඛන හේතුවෙන් පෞද්ගලික රෝහල්වලද ප්‍රතිකාර ලබාගැනීමට පොරොත්තු ලේඛන නිර්මාණය වී ඇති අතර, එය පෞද්ගලික අංශයේ ලාභ ඉහළ නැංවීමට හේතු වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මේ පිළිබඳව නිසි හා කඩිනම් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම දැඩි අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම වැඩිදුරටත් සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
