අනධ්‍යයන සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයක : අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයක  : අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසය.

මේ අතර දිවයින පුරා පිහිටි පාසල්, විද්‍යාපීඨ, අධ්‍යාපන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ භෞතික සම්පත් ආරක්ෂාව සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ බව ඉල්ලා තිබේ.

මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්‍රවේශයක් බව ද නිවේදනයේ සඳහන් වෙයි.

පාසල් අනධ්‍යයන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බවද එම නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න