චීන නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

චීන නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චීනයේ සිචුආන් පළාතේ උප ආණ්ඩුකාර සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් YE Hanbing  ඇතුළු නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  හමුවිය.

ශ්‍රී ලංකාවේ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස ප්‍රශංසාව පළකරන ලදී.

ඉදිරියේදී පරිගණක අපරාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකි බැවින් කලාපීය රටවල් රැසක මේ වනවිට අවධානය යොමුවී ඇති බවත් ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද චීන නියෝජිත පිරිස පෙන්වා දෙනු ලැබීය.

තාක්ෂණය,දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා වැඩසටහන් සිදුකීරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස්  එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරියේදී චීනයේ සිචුආන් පළාතේ පැවැත්වීමට නියමිත පොලිස් සමුළුව සඳහා අමාත්‍ය ටිරාන් අලස්  ඇතුළු මෙරට නියෝජිත පිරිසකට ඊට සහභාගී වන ලෙස ආරාධනයක්ද කරනු ලැබිණි.

මෙම අවස්ථාවට සිචුආන් පළාතේ ලෙෂාන් නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක DENG Hua  සහ සියෑං නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක ZHENG Xiaoqing  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන්ද එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න